ත්රිරෝද රථයක් සහ පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වෙයි
20 March 2026
ත්රිරෝද රථයක් සහ පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වෙයි
20 March 2026
හංවැල්ල වනහාගොඩ උත්සව ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ ධාවනය වූ ත්රීරෝද රථයක් සහ පාසල් සිසුන් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් ත්රීරෝද රථ රියදුරු ප්රතිකාර සඳහා හෝමාගම මූලික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
හංවැල්ල පොලිසිය පැවසුවේ, අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්රදේශයේ පදිංචි (40) හැවිරිදි දේව ගැතිවරයෙකු බවයි.
මෙම දේව ගැතිවරයා තවත් පුද්ගලයෙකු සමඟ හයිලේවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙසට ත්රී රෝද රථයක් පදවාගෙන යමින් සිටියදී එක් වරම විරුද්ධ මන්තීරුවට ධාවනය වී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට පාසල් සිසුන් ප්රවාහනය කරමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
එහිදී ත්රී රෝද රථයේ හැඩලය දේව ගැතිවරයාගේ පපු පෙදෙස පසාරු කරගෙන ගොස් තිබු අතර බරපතල තත්ත්වයේ පසු වු දේව ගැතිවරයා සහ අනිත් පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දේව ගැතිවරයා මියගොස් තිබූ අතර බරපතල තත්ත්වයේ පසු අනෙක් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

