නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
11 October 2026
නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
11 October 2026
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් යාවත්කාලීන කර නිකුත් කර තිබේ.
මෙම නව අනතුරු ඇඟවීම අද (11) රාත්‍රී 7:00 සිට හෙට (12) රාත්‍රී 7:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ප්‍රදේශ
මට්ටම 2 - අවධානම් (ඇම්බර් )
කොළඹ දිස්ත්‍රික්කය - පාදුක්ක
කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, මාවනැල්ල සහ රුවන්වැල්ල
මට්ටම 1 - දැනුවත් වීමේ (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල සහ පස්සර
කළුතර දිස්ත්‍රික්කය - වලල්පිට, බුලත්සිංහල සහ ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කය - හතරලියැද්ද, යටිනුවර, තුම්පනේ සහ දොළුව
කෑගල්ල දිස්ත්‍රික්කය - කෑගල්ල, අරණායක, රඹුක්කන, යටියන්තොට, දෙහිඕවිට සහ වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්කය - මාවතගම, අලව්ව සහ මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය - මාතලේ, අබන්ගඟ කෝරළය සහ රත්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය - හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය - ඉඹුල්පේ, කුරුවිට, ඇහැළියගොඩ, වැලිගෙපොළ, අයගම, කලවාන, නිවිතිගල සහ රත්නපුර
අඛණ්ඩ වැසි හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශවල පස් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ නායයෑම් හටගැනීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල ජනතාව සහ රියැදුරන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටියි.

