brand logo
logo
කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඇරඹේ

කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඇරඹේ

21 October 2026

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිපාණන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය ගැටඹේ ක්‍රීඩාංගණය භූමියේදී ආරම්භ කර තිබේ.


කලක් රෝගාතුරුව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18වනදා උදෑසන අපවත්වූහ.


අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වනවිට 96 වැනි වියෙහි වූහ.

උන්වහන්සේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.

එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් වූ විවිධ අවස්ථාවන්හිදී රටත් ආගමත් වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවරයාණන් වහන්සේනමක් ලෙසද උන්වහන්සේ ගෞරවාදරයට පාත්‍ර වූහ.

අපවත් වී වදාළ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදාහන කටයුතු අද ප.ව. 4ට සිදුකිරීමට නියමිත බව ආදාහන කමිටුව විසින් තීරණය කර තිබේ.

 

More News..