brand logo
logo
පාකිස්ථානය පළමු ඉනිමට ලකුණු 434යි

පාකිස්ථානය පළමු ඉනිමට ලකුණු 434යි

10 November 2026


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 434ක් රැස්කර ගැනීමට සමත් විය.


පාකිස්ථාන කණ්ඩායම කඩුළු 9ක් දැවී සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.


පාකිස්ථාන පිල වෙනුවෙන් සවුද් ෂකීල් ලකුණු 93ක් රැස්කර ගැනීමට සමත් විය.


තයියබ් ආරිෆ් ලකුණු 57යි, අරෆාත් මින්හාස් ලකුණු 52යි, මොහොමඩ් තාහා ලකුණු 51යි, බාබර් අසාම් ලකුණු 50යි.


පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 3ක් සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. 


ඒ අනුව පළමු වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පිළිතුරු පළමු ඉනිම ආරම්භ කර තිබේ.


තරගය පැවැත්වෙන්නේ පාකිස්ථානයේ රාවල්පින්ඩි හිදියි.

 

More News..