brand logo
logo
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

10 August 2026


2019 වසරේදී රාගම වල්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.


මීගමුව මහාධිකරණය විසින් අදාළ චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර ඇති අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩුව විභාගයට ගෙන එම දඬුවම නියම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.


පොලීසියට අවශ්‍යව සිටින මෙම චූදිතයා රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.


ඔහුගේ ලිපිනය ලෙස අංක 35/1, උග්ගහේන, වල්පොළ, රාගම යන ලිපිනය සඳහන් කර තිබේ.


අදාළ චූදිතයා පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් රාගම පොලිස් ස්ථානාධිපතිවරයා 071 859 1604 යන දුරකථන අංකයෙන් හෝ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා 071 962 7561 යන දුරකථන අංකයෙන් දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..