brand logo
logo
ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් හමුවේ

ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් හමුවේ

31 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (31) හමු වූ බව බගවන්තලාව පෙලිසියේ නිළධාරියෙකු පැවසීය.


මෙසේ ඇළ මාර්ගයක තිබි ‌සොයා ගනු ලැබුවේ බගවන්තලාව චැපල්ටන් වතුයායේ පදිංචිව සිටි 46 හැවිරිදි දෙදරු පියෙක්.

 

මරණකරු අද රාත්‍රීයේ බගවන්තලාව පොලිස් වසමට අයත් මොරා වතුයායේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී පා ගමනින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙසේ අභිරහස් ලෙස ඇළට වැටී මිය ගොස් ඇති බව පොලිසිය කියා සිටියේ.

  

මරණකරු අවමංගල්‍ය උත්සවයේ සිට පා ගමනින් නිවස කරා පැමි‌ණෙමින් සිටියදී ඇළ මාර්ගයට වැටෙන්ට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය සැක කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

 

More News..