ඔක්තෝබර් මස උද්ධමනය සියයට 8.3 දක්වා ඉහළට
30 October 2026
ඔක්තෝබර් මස උද්ධමනය සියයට 8.3 දක්වා ඉහළට
30 October 2026
කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම අගය පසුගිය සැප්තැම්බර් මාසයේදී 8.0%ක් ලෙස සටහන් විය.
2026 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.8% දක්වා වැඩි වී ඇති අතර 2026 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 8.7% ක් ලෙසය.
එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්ෂ්යමය) 8.0 % ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී එය 7.7% ක් ලෙස වාර්තා විය.

