අභ්‍යවකාශයට යන පළමු පාකිස්තාන ජාතිකයා ලෙස සීෂාන් අලි අද ඉතිහාසගත වෙයි
25 November 2026
අභ්‍යවකාශයට යන පළමු පාකිස්තාන ජාතිකයා ලෙස සීෂාන් අලි අද ඉතිහාසගත වෙයි
25 November 2026
චීනයට අයත් ටියැන්ගොං (Tiangong) අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ෂෙන්ෂෝ-24 (Shenzhou-24) අභ්‍යවකාශ යානය අද (25) දියත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම අභ්‍යවකාශ ගමනට භාණ්ඩ හා උපකරණ භාර විශේෂඥයා (Payload Specialist) ලෙස එක්වන සීෂාන් අලි, අභ්‍යවකාශගත වන පළමු පාකිස්තාන ජාතිකයා ලෙස වාර්තා අතරට එක්වන බව සඳහන් වේ.
පාකිස්තානයේ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික කඩඉමක් ලෙස මෙම මෙහෙයුම හැඳින්විය හැකිය.


