ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපට නිර්මාණ ශිල්පියා අභාවප්‍රාප්ත වෙයි
03 September 2026 | දර්ශාන් කානිල් - මොරටුව
ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපට නිර්මාණ ශිල්පියා අභාවප්‍රාප්ත වෙයි
03 September 2026 | දර්ශාන් කානිල් - මොරටුව
ශ්‍රී ලංකාවේ පළමු කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ සහෝදරයා වන ගිවන්ත අර්ථසාද් මිය යන යන විට 73 හැවිරිදි පසු වූ අතර ඔහු පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
ගිවන්ත අර්ථසාද් දෙදරු පියෙකු වේ.
අවමංගල්‍ය කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව ඔහුගේ පුත්‍රයා වන සංඛජ අර්ථසාද් පැවසීය.
ගිවන්ත අර්ථසාද් යනු ශ්‍රී ලංකා සිනමා සහ රූපවාහිනී ඉතිහාසයේ සජීවීකරණ (Animation) සහ දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) අංශයන්හි පුරෝගාමියෙකු ලෙස සැලකෙන ප්‍රවීණ කලාකරුවෙක් සහ සිනමා විද්‍යාඥයෙකි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය ලෙස සැලකෙන 'දුටුගැමුණු' (1979) චිත්‍රපටයේ නිර්මාතෘවරයා වන්නේ ද ගිවන්ත අර්ථසාද්ය
චිත්‍ර කලාව, සජීවීකරණය, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු විවිධ අංශ රැසක දක්ෂතා දක්වා ඇත.
ඔහු විසින් රචිත 'සිනමා - මායා' ග්‍රන්ථය සිනමා තාක්ෂණය හා භාෂාව පිළිබඳව ලියවුණු වැදගත් කෘතියකි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කෙටි කලක් හෙතෙම සේවය කර ඇත.

