Best News Website award
brand logo
logo
මෝටර් රථයකින් මුව මස් ප්‍රවාහනය කළ සැකකරුවන් අත්අඩංගුවට

මෝටර් රථයකින් මුව මස් ප්‍රවාහනය කළ සැකකරුවන් අත්අඩංගුවට

13 November 2026 | ජයන්ත වීරසේකර-වැල්ලවාය


වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් වැල්ලවාය නගරය ආසන්නයේ සිදු කළ වැටලීකමදී මෝටර් රථයකින් මුව මස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝග්‍රෑම් අටයි ග්‍රෑම් හාරසියක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසීය පැවසීය.


සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

 

More News..