ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට
02 December 2024
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට
02 December 2024
මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබීය.
1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්වු ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා තිබේ.
2018 වසරේ මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වු ඇය 2024 වසරේ ඔක්තෝබර් 10 වන දා වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබීය.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

