ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'බස් ලලිත්' ලබන සතියේ දිවයිනට රැගෙන එයි
22 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'බස් ලලිත්' ලබන සතියේ දිවයිනට රැගෙන එයි
22 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් 'බස් ලලිත්' ලබන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිත තිබේ.
ඒ අනුව ලබන සඳුදා (24) රාත්‍රියේදී ඔහු මෙරටට රැගෙන එනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.
රවිඳු සංඛ ද සිල්වා හෙවත් "බූරුමූණා" නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් , 2023 වසරේ සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම, 2023 වසරේදී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම, 2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු 12 වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2025 වසරේ ජූලි 06 වැනිදා කොටහැර පොඩ්ඩා නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම "බස් ලලිත්" නැමැත්තාට එල්ලවී ඇති චෝදනා වේ.

