අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 21,452කට බලපෑම්
03 November 2026
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 21,452කට බලපෑම්
03 November 2026
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 5,829කට අයත් පුද්ගලයින් 21,452ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පසුගිය මස 23 වැනිදා සිට අද (03) දක්වා කාලය තුළ මෙම බලපෑම වාර්තා වී ඇති බවය.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 147කට බලපෑම් එල්ල වී ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ හේතුවෙන් පුද්ගල මරණ දෙකක් සහ තුවාල ලැබූ පුද්ගලයින් හයදෙනෙකු පිළිබඳව වාර්තා වී ඇති අතර, තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ.
එමෙන්ම, මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 8කට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවාස 767කට අර්ධ හානි සිදුව ඇති බව ද වාර්තා වේ.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයට වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පවුල් 2,666කට අයත් පුද්ගලයින් 10,051ක් බලපෑමට ලක්ව තිබේ.
දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වේ.
ඒ අනුව, එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 1,850කට අයත් පුද්ගලයින් 6,900ක් අයහපත් කාලගුණික තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

