ආහාර විස වී ඉන්දුනීසියාවේ සිසුන් 500කට වැඩි පිරිසක් රෝහලට
02 September 2026
ආහාර විස වී ඉන්දුනීසියාවේ සිසුන් 500කට වැඩි පිරිසක් රෝහලට
02 September 2026
ඉන්දුනීසියාවේ රජයෙන් නොමිලේ ලබාදුන් ආහාර වේලක් අනුභව කිරීමෙන් පසු විෂවීමක් හේතුවෙන් සිසුන් 500කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇත.
නැගෙනහිර ජාවා හි සිඩෝආර්ජෝ (Sidoarjo) කලාපයේ පෞද්ගලික ආගමික පාසලක සිසුන් 512කට අධික සංඛ්‍යාවක් ඊයේ (01) ලබාදුන් දහවල් ආහාරයෙන් පසු ක්ලාන්තය සහ වමනය වැනි ලක්ෂණ පෙන්නුම් කර තිබේ.
සිසුන්ගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර 80 දෙනෙකු පමණ තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි.
මෙම ආහාර පිළියෙල කළ මුළුතැන්ගෙය දින 30 කට තාවකාලිකව වසාදමා ඇති අතර, ආහාර විෂවීමට හේතුව සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) විසින් ළමුන්ගේ මන්දපෝෂණය නැති කිරීමට ආරම්භ කළ මෙම නොමිලේ ආහාර වේල් ලබාදීමේ ව්‍යාපෘතිය නිසා පසුගිය කාලය පුරාම ආහාර විෂවීම්, දූෂණ චෝදනා සහ අධික පිරිවැය නිසා දැඩි විවේචනයට ලක් විය.

