brand logo
logo
රන් මිල පහළට - කැරට් 22 රන් පවුමේ නව මිල මෙන්න

රන් මිල පහළට - කැරට් 22 රන් පවුමේ නව මිල මෙන්න

09 September 2026


ඊයේ දිනට සාපේක්ෂව අද (09) දිනයේ මෙරට රන් මිල පහළ ගොස් තිබේ.


ඊයේ දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 393,045ක් වුවත් අද එය රුපියල් 388,090ක් වශයෙන් පහළ ගොස් ඇත.


ඒ අනුව, 


කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,940ක් සහ එහි විකුණුම් මිල රුපියල් 388,090ක්


කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 355,368ක්


කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,500ක් සහ එහි විකුණුම් මිල රුපියල් 339,450ක්


කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,825ක් සහ එහි විකුණුම් මිල රුපියල් 291,020ක් ලෙස වාර්තා විය.


කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

 

More News..