brand logo
logo
නිරෝගිමත් සහ විනයගරුක පරපුරක් ගොඩනැගීමට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි

නිරෝගිමත් සහ විනයගරුක පරපුරක් ගොඩනැගීමට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි

24 July 2026


නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි.


ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී එය මනා පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.


තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


ක්‍රීඩාව තරගයකින් එහාට ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ක්‍රීඩා තරග පැවැත්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීම පමණක් නොව සමස්ත සමාජය තුළ ක්‍රීඩා ප්‍රබෝධයක් ඇතිවන අයුරින් ඒවා සැලසුම් කිරීමේ සිදුකල යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවදාරනය කර ඇත.


එමෙන්ම 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම පුහුණු කිරීම සහ පහසුකම් සැපයීම සිදු කරමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ඔවුන් සූදානම් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

 

More News..