කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි
25 August 2026
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි
25 August 2026
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ හා කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වයක් හේතුවෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීම මත මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.
ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරනු ඇති බවත් පවතින තත්ත්වය හමුවේ සිදුවන අපහසුතාවය පිළිබඳව පාරිභෝගික ජනතාව වෙත කනගාටුව ප්‍රකාශ කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

