brand logo
logo
ගම්පහ ඔස්මන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ගම්පහ ඔස්මන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

09 November 2026


සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ රැඳවුම් නියෝග මත සිටි ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් "ගම්පහ ඔස්මන්" ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (9) නියෝග කර තිබේ.


ඒ, කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අද අධිකරණයට ඉරිපත් කළ අවස්ථාවේදීය.


සිද්ධියට අදාළ සැකකරු දින 180කට ආසන්න කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව සඳහන්ය.


එම කාල සීමාව අවසන්වීමෙන් අනතුරුව ඔස්මන් අද (09) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.


සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී. 

 

 

More News..