උපත් පාලන පෙති හිඟයක්
12 September 2026
උපත් පාලන පෙති හිඟයක්
12 September 2026
ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනය මගින් බෙදා හරින මිතුරි ඇතුළු උපත් පාලන පෙතිවල හිඟයක් ඇතිව ඇතැයි වාර්තා වෙයි. මෙරට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන හරහා බෙදා හරින උපත් පාලන පෙති හිඟවීම හේතුවෙන් කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය විසින් අදාළ පෙති මුඛ පාලන පෙත්තක් ලෙස දෙනු ලබයි. කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන සමබරතාවයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහාත්, මාස් ශුද්ධිය නොවන වයස්ගත වූ විවිධ රෝගයන්ගෙන් පෙළෙන කාන්තාවන් සඳහාද අදාළ ඖෂධය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි. මෙම උපත් පාලන පෙතිවලට ආදේශක ෆාමසිවල නැහැ. ඊට හේතු වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් උපත් පාලන පෙති සඳහා පාලන මිලක් පනවා තිබෙනවා. ඒ මිල ගණන් යටතේ අදාළ ඖෂධය සැපයිය නොහැකි බව සැපයුම්කරු දන්වා තිබෙනවා’’ යැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය විසින් අදාළ පෙති මුඛ පාලන පෙත්තක් ලෙස දෙනු ලබයි.
කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන සමබරතාවයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහාත්, මාස් ශුද්ධිය නොවන වයස්ගත වූ විවිධ රෝගයන්ගෙන් පෙළෙන කාන්තාවන් සඳහාද අදාළ ඖෂධය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි.
මෙම උපත් පාලන පෙතිවලට ආදේශක ෆාමසිවල නැහැ. ඊට හේතු වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් උපත් පාලන පෙති සඳහා පාලන මිලක් පනවා තිබෙනවා. ඒ මිල ගණන් යටතේ අදාළ ඖෂධය සැපයිය නොහැකි බව සැපයුම්කරු දන්වා තිබෙනවා’’ යැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

