brand logo
logo
 පොලිස් විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 434ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 434ක් අත්අඩංගුවට

10 October 2026


පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (09) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 434ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ ඊයේ දිනයේදී පරීක්ෂා කළ පුද්ගලයින් 26,523 දෙනෙකු අතුරින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.


මෙහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇතැයිද සඳහන් කර ඇති පොලිසිය වරෙන්තුකරුවන් 348ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.


එමෙන්ම මෙහිදී විවෘත වරෙන්තුකරුවන් 253ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මේ අතර බීමත්ව රිය පැදවීම යටතේ රියදුරන් 272ක් සහ අපරික්ෂාකාරීය රිය පැදවීම් යටතේ පුද්ගලයින් 101ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


එමෙන්ම තවත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,443 දෙනෙකුට නීතිමය පියවර ගැනීමටද පොලිසිය පියවර ගෙන ඇත.


 


 

More News..