නාමල්ට නිවසින් ආහාර ලබාගැනීමට අවසර
07 September 2026
නාමල්ට නිවසින් ආහාර ලබාගැනීමට අවසර
07 September 2026
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පැවසුවේ මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කළ බවයි.
එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බවට ලැබුණු චෝදනාවක් මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා, පසුගිය සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ වාට්ටුව සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, දිනකට ඔහුව හමුවීමට පැමිණීමට අවසර හිමිවන්නේ පුද්ගලයින් තිදෙනෙකුට පමණක් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

