වලාන මුරපොළේ PC වෙඩි වැදීමකින් මරුට
29 July 2026
වලාන මුරපොළේ PC වෙඩි වැදීමකින් මරුට
29 July 2026
පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස මියගොස් ඇති බවය.
අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී මොහු සිය ටී-56 ගිනිඅවියකින් මෙලෙස වෙඩි තබාගෙන තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර දකුණු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

