brand logo
logo
පළාත් කිහිපයකට අද වැසි

පළාත් කිහිපයකට අද වැසි

01 November 2026

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල අද (1) ප.ව. 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කළේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

 

More News..