brand logo
logo
 ඉන්දීය ආරක්ෂක ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය ආරක්ෂක ඇමති දිවයිනට පැමිණෙයි

08 September 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (08) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


එතුමා සමග දූත පිරිස ලෙස , එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකු ද පැමිණ සිටියහ.


ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට , ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 032 දරන ගුවන් යානයෙන් අද (08) දින දහවල් 01.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.


ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ලබන 10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් , ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

 

More News..