දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති සම්මත කරන හැටි නලින්ද කියයි
29 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති සම්මත කරන හැටි නලින්ද කියයි
29 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කිරීමට කටයුතු කරන බවත් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.
ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් තවත් වගන්ති විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.
කෙසේ නමුත් පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබුණි.
මේ සම්බන්ධව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන 8 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බවත් පසුව ඡන්ද විමසීමක් ද සිදුවන බවය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"ඕනෑම පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ ඒ ව්‍යවස්ථාවේ හැටියට එය සම්මත කරගන්න පුළුවන් අවස්ථාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවට දැනුම්දෙන්නේ. මේකේ තුනෙන් දෙකක් අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරන්න පුළුවන්. ඒ අනුව ඔක්තෝබර් 8 වැනිදා මේ විවාදය පැවැත්වෙනවා විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ඒ අනුව තුනෙන් දෙකක් අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කරගන්න පුළුවන් ජනමත විචාරණයකට යන්න බලාපොරොත්තුවක් නෑ."

