ගෞරවාන්විත අවසානයක් වෙනුවෙන් එංගලන්තය අද ශ්රී ලංකාව සමග සටනේ
29 October 2026
ගෞරවාන්විත අවසානයක් වෙනුවෙන් එංගලන්තය අද ශ්රී ලංකාව සමග සටනේ
29 October 2026
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය අද (29 වැනිදා) ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ලෝහෝර් හි ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තමන් තරග වැදුනු සියලු තරග පරාජයට පත්ව සිටින එංගලන්ත කණ්ඩායම ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා සිය උපරිමයෙන් අද ශ්රී ලංකාව සමග තරග වදිනු ඇත.
මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ශ්රී ලංකා කණ්ඩායමට අද තරගය එතරම් වැදගත් නොවුණ ද ඔවුන් ද සිය ජයග්රාහි මානසිකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ අපේක්ෂාවෙන් තරග වදිනු ඇත. එසේ වුව ද, බොහෝ දුරට අද තරගයෙන් ක්රීඩකයන් කිහිප දෙනෙකු විවේක ගන්වා වෙනත් ක්රීඩකයන් කිහිප දෙනෙකු වෙත අවස්ථාව ලබා දීමේ හැකියාවක් ද පවතියි.
පෙර තරගයේදී ශ්රී ලංකා පිතිකරුවන් විසින් දියත් කරන ලද විශිෂ්ට හඹායාම හේතුවෙන් එංගලන්තය සිය පන්දු යැවීමේ බල ඇණිය වෙත දැඩි අවධානයක් යොමු කරනු ඇති අතර ශ්රී ලංකා කණ්ඩායමට සිය ශ්රේණිගත කිරීම ඉහළ දමා ගැනීමේ අවශ්යතාව මත මෙම තරගය සහ අවසන් මහා තරගය ජයග්රහණය කිරීමේ වැඩි අවශ්යතාවක් පවතියි. අද තරගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (31 වැනිදා) ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වේ.

