brand logo
logo
අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතරදී පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතරදී පොලීසියෙන් වෙඩි

26 October 2026


අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබේ.


කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් කළුතර බෝබුවල ප්‍රදේශයේදී නතර කරන ලෙස දැනුම් දී ඇත.


කෙසේවෙතත් පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිසිය විසින් එය කිලෝ මීටර් 4කට ආසන්න දුරක් හඹා ගොස් කළුතර නාගොඩ ප්‍රදේශයේදී මෙලෙස වෙඩි තබා තිබේ.


එහිදී ත්‍රිරෝද රථය පැදවූ රියදුරුට වෙඩි වැදී ඇති අතර ඔහු තුවාල ලබා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


මෙසේ තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි රජවත්ත සංජු නම් පුද්ගලයකු බව සදහන්.


පොලිසිය විසින් ත්‍රිරෝද රථය පරීක්ෂා කර ඇති අතර එහි තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව ද සඳහන්.

 

More News..