brand logo
logo
වසර 300ක් පැරැණි කුඹුක්ගස් 30ක් ගිනිබත් කරලා

වසර 300ක් පැරැණි කුඹුක්ගස් 30ක් ගිනිබත් කරලා

19 August 2026 | රසංග නිරොෂන් -පොළොන්නරුව

පවතින වියළි කාලගුණයත් සමග සිඳී ගිය මීගස්වැව ආශ්‍රිත වැව් තාවුල්ලේ සහ වැවෙහි තිබූ වසර තුන්සීයක් පමණ පැරැණි කුඹුක් ගස් තිහක් පමණ කිසියම් කණ්ඩායමක් විසින් ගිනි තබා විනාශ කර ඇත.


උස අඩි සීයකට වැඩි විශාල ප්‍රමාණයේ කුඹුක් ගස් දින තුනකට පමණ පෙර මෙලෙස ගිනි තබා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

 

More News..