සෞන්දර්ය සරසවියේ අධ්‍යයන කටයුතු යළි ඇරඹේ
13 July 2026
සෞන්දර්ය සරසවියේ අධ්‍යයන කටයුතු යළි ඇරඹේ
13 July 2026
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (13) සිට යළි ආරම්භ වේ.
ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්ව විද්‍යාලය පසුගිය 2 වැනිදා සිට සති දෙකකට ආසන්න කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය,
"අපිට තාවකාලිකව අධ්‍යයන කටයුතු නවත්තන්න සිදු වුණා මේ පවතින ඩෙංගු උවදුරත් එක්ක. මං ඇත්තටම අපේ ආදරණීය සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේක ඔබගේ විශ්වවිද්‍යාලය. රජයේ මැදිහත් වීමෙන් දැන් අපි නැවත වතාවක් පිරිසිදු තත්ත්වයක් ඇති කරලා තියෙනවා, ඩෙංගු මර්ධනය කරලා තියෙනවා. ඉතින් ඔබගේත් වගකීම තමන්ගේ පරිසරය, තමන්ගේ පන්ති කාමර, තමන්ගේ සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී වගකීමක් සහිතව, වෙනසක් සහිතව, විශ්වවිද්‍යාල පරිපාලනයටත් උදව් කරමින් නැවත ආරම්භ කරන්න ඔබගේ අධ්‍යයන කටයුතු."
මේ අතර වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්ධන එකකය පැවසුවේ එම කාලසීමාව තුළ මරණ 47ක් වාර්තා වී ඇති බවය.

