brand logo
logo
පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කළ අයට දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කළ අයට දැනුම්දීමක්

27 August 2026


2026 අගෝස්තු 20 වන දින පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා මාර්ගගතව (Online) අයදුම්පත් යොමුකළ අයදුම්කරුවන්, නැවත වරක් ඒ සඳහා අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.


එදින දහවල් 12.50ට පමණ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීමට භාවිත කරන දත්ත පද්ධතියේ හදිසි තාක්ෂණික දෝෂයක් මතුවී ඇත. එම අක්‍රිය වීම හේතුවෙන් එදින ඉදිරිපත් කළ අයදුම්පත් දත්ත පද්ධතියෙන් ඉවත් වී ඇති බව සඳහන් වේ.


කෙසේවෙතත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කිරීමෙන් අනතුරුව අක්‍රිය වූ පද්ධතිය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ. ඒ අනුව, පෙර පරිදිම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට පහසුකම් සලසා ඇත.


මෙලෙස නැවත යොමුකරන අයදුම්පත් සඳහා අදාළ වාර්තා කැඳවීමෙන් අනතුරුව නිෂ්කාශන සහතික නිකුත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..