කළු ගඟ ද්රෝණියට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
26 October 2026
කළු ගඟ ද්රෝණියට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
26 October 2026
පවතින අයහපත් කාලගුණය හමුවේ කළු ගඟ ද්රෝණිය ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ මෙම තත්ත්වය ඇතිවිය හැකි බවය.
ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් එම ප්රදේශය ආශ්රිතව පදිංචිකරුවන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

