brand logo
logo
හෙට දිනයේ කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට දිනයේ කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

27 April 2026

“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාව වැඩසටහන කොළඹ කේන්ද්‍ර කර ක්‍රියාත්මක කිරීමට අදාළව රථවාහන සැලැස්ම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.


එම වැඩසටහන හෙට (28) දිනයේ දී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සවස 04.00 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


උත්සවයට අදාළව කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


මෙම රථවාහන සැලැස්‌මට අනුව හෙට දින උදෑසන 11.00 සිට පහත දැක්වෙන මාර්ග වල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.


බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්‌ගය බොරැල්ල හන්දිය දක්වාත්,මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වට රවුම, ලිප්ටන් වටරවුම, ධමපාල මාවත, එෆ්. ආර් සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝර්ටස්, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් විදීය, ස්ටැපල් වීදිය, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ගංගාරම විහාරස්ථානය අවට මාර්ග.


මෙම කාල සීමාව තුල ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්‌ග භාවිතා කරන ලෙසට ශ්‍රී ලංකා පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

More News..