එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරක්
09 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරක්
09 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට සන්නද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
එරට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, තාක්ෂණික දෝෂයක් ඊට හේතුවී ඇති බවය.
මෙම අනතුර මැදපෙරදිග යුද්ධයට සම්බන්ධදැයි මේ දක්වා පැහැදිලි තොරතුරක් ලැබී නැත.
මොවුන් දෙදෙනා ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
දිවි පිදූවන් දෙදෙනාගේ පවුල්වලට සිය ගැඹුරු ශෝකය සහ අනුකම්පාව පළ කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

