ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
11 September 2026
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
11 September 2026
ශ්‍රී ලංකා ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබාදීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ ඉල්ලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව 2022 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා සිට 2025 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා කාලය තුළ ගුරු සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලද ගුරුවරුන් කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරේ.
කෙසේවෙතත් මෙම කඩඉම ඉදිරි උසස්වීම ලැබීමට පෙර සම්පූර්ණ කළ යුතු බව සඳහන්ය.
තමා උසස් වූ ශ්‍රේණියට පූර්වයෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩඉම ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස් වීම් ලද නිලධාරීන්, එකී පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට ද තීරණය ගෙන ඇත.
2025/06/30 දින සිට පහත පරිදි තමන් අයත් ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වෙන දිනය යන දින අතර කාලය තුළ ශ්‍රේණි උසස්වීම් යෙදෙන නිලධාරීන්ට ද මොඩියුල / කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්පූර්ණ කිරීම නොසළකා ශ්‍රේණි උසස්වීම් ලබාදීමටත් කටයුතු කර තිබේ.
• පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2494 හා 2026/06/19 දිනැති ගැසට් පත්‍රය අනුව,
• දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2498 හා 2026/07/17 දිනැති ගැසට් පත්‍රය අනුවද,
• තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2503 හා 2026/08/21 දිනැති ගැසට් පත්‍රය අනුවද වේ.
මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කරමින අධ්‍යාපන චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
අංක 2444/21 හා 2025/07/08 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද සංශෝධිත ගුරු ව්‍යවස්ථා ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමය හඳුන්වාදීමට තීරණය ගන්නා ලදී.

