brand logo
logo
නේපාල‍යේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු දැනගන්න විදේශ අමාත්‍යංශයෙන් දුරකථන අංකයක්

නේපාල‍යේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු දැනගන්න විදේශ අමාත්‍යංශයෙන් දුරකථන අංකයක්

27 August 2026

නේපාල සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල හදිසියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය සහ නායයෑම් හේතුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි පියවර ගෙන තිබේ. 


එම ප්‍රදේශවල වෙසෙන හෝ සංචාරයේ නිරත වී සිටින යම් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව තොරතුරක් අවශ්‍ය වන්නේ නම් හෝ සහාය අවශ්‍ය වේ නම් පහත සඳහන් සම්බන්ධතා ඔස්සේ අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. 


අදාළ තොරතුරු තහවුරු කර ගැනීමට සහ බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබා දීමට අමාත්‍යාංශය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවද සඳහන්. 

තුෂාර රොද්‍රිගෝ මහතා (මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක) 

ජංගම දුරකථන / WhatsApp: 070 7887778 

දුරකථන අංකය: 0112 473899 

විද්‍යුත් තැපෑල (Email): publicity@mfa.gov.lk

දැනට ලැබෙන අධික ඇමතුම් ප්‍රමාණය සලකා බලමින්, වඩාත් වේගවත් හා නිවැරදි සන්නිවේදනයක් උදෙසා WhatsApp හරහා තොරතුරු ලබා ගැනීම සහ බෙදා හැරීම සිදු කරන ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි. 

 

More News..