මැලේසියාවේදී අත්අඩංගුවට ගත් පතාල ප්‍රබලයින් තිදෙනෙකු අද දිවයිනට
10 August 2026
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් පතාල ප්‍රබලයින් තිදෙනෙකු අද දිවයිනට
10 August 2026
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ප්‍රබල අපරාධ කල්ලි ක්‍රියාකාරීන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
අදාළ සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
මොවුන්ට එරෙහිව මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.
සැකකරුවන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර නීතිමය පියවර ගැනීමට නියමිතව තිබේ.

