ඉරානයට අවි ලබානොදීමට චීනය එකඟවූ බව ට්‍රම්ප් කියයි
15 April 2026
ඉරානයට අවි ලබානොදීමට චීනය එකඟවූ බව ට්‍රම්ප් කියයි
15 April 2026
ඉරානයට අවි අයුධ ලබා නොදීමට චීනය එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම ස්ථිර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් චීනය සතුටින් සිටින බවත් තමන් ඔවුන් සහ ලෝකය වෙනුවෙන් මෙය සිදු කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
නැවත මෙවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇති බව ද අදාළ සටහනේ සඳහන් කර තිබේ.
සති කිහිපයකින් තමන් සිදු කිරීමට නියමිත චීන සංචාරයේදී ජනාධිපති ෂී ජිංපින් විසින් 'විශාල' සහ 'මහත' වැළඳගැනීමක් ලබා දෙනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
තමන් දෙපළ ඉතා දක්ෂ ලෙස කටයුතු කරන බවත් එය සටන් කිරීමට වඩා හොඳ නැද්ද යනුවෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියි.
එහෙත් තමන් දෙපළ සටන් කිරීමට ඉතා දක්ෂයින් බවට මතක තබා ගන්නා ලෙසටත්, අවශ්‍ය නම් අන් අයට වඩා එය හොඳින් කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේය.

