brand logo
logo
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

17 October 2026 | වරුණි පෙරමුණ


නව විවාහක යුවළ අතුරින් කාන්තාවන්ගේ මානසික ගැටලු වැඩිවීම හේතුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබේ.


ආර්ථික අර්බුද හේතුවෙන් සැමියන් විදෙස්ගතවීමත් සමග නිවෙස්වල තනිව වාසය කිරීමේදි ඔවුන් මෙම මානසික අසහනාකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අනාවරණය වී තිබේ.


එසේම නිවෙස්වල තනිව වාසය කිරීමේදි ඥාතීන් සමග ඇතිවන හිත් අමනාපකම්ද මෙම තත්ත්වයට බලපා ඇත.


කාන්තාවන් බොහෝ පිරිසක් මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇමතුම් ලබා දී තමාට විවාහ ජීවිතයේ මුහුණ දීමට සිදුව තිබෙන ගැටලු සම්බන්ධව වැඩි වශයෙන් දැනුවත් කරන බව එම වෛද්‍යවරු පවසති.


විවාහ වීමෙන් පසු නව ජීවිතයට හැඩ ගැසීමට නොහැකිව එම කාන්තාවන් මෙසේ විවිධ අර්බුද සඳහා මුහුණදී ඇති බවද මනෝ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළාය.


මේ වසරේ මේ දක්වා කාලය තුළදී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මානසික ගැටලු සම්න්ධව දැනුම්දීම් 28961 ලැබී තිබේ.

 

More News..