දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයාගේ නිවසින් උපකරණ රැසක් හමුවෙයි
16 May 2026
දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයාගේ නිවසින් උපකරණ රැසක් හමුවෙයි
16 May 2026
කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුරෙන් පසු, එම දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසින් උපරණ කිහිපයක්ම සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.
ඒ අනුව එම සැකකරු පදිංචි නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීමට යොදා තිබූ යකඩ ලිවර් 3ක්, ඒවා ගැලවීමට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේදී පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්ය.
පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

