brand logo
logo
රෝගී කතකට අතවර කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට

රෝගී කතකට අතවර කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට

26 November 2025 | එෆ්. අස්ලම්

වෑතර ප්‍රදේශයේ රෝහලකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගි කාන්තාවක ලිංගික අපයෝජනයට ලක්කළැයි කියන එම රෝහලේ වෛද්‍යවරයකු කහතුඩුව පොලිසිය විසින් පෙරේදා (24 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වෛද්‍යවරයෙකු බව පොලිසිය පවසයි.


ගෝනපල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 19 වැනිදා වෑතර රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කරන මුවාවෙන් වෛද්‍යවරයා විසින් රෝහල තුළදීම එම කාන්තාව ලිංගික අපයෝජනයට ලක්කර ඇත.


අපයෝජනයට ලක්වූ බව කියන එම කාන්තාව විසින් කහතුඩුව පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පසුව පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය පෝරමක් මගින් එම කාන්තාව හෝමාගම රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇත.


එහිදී මෙම කාන්තාව ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

More News..