Best News Website award
brand logo
logo
 ගංජා තොගයක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ගංජා තොගයක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

23 November 2026


වියළි ගංජා තොගයක්, මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු හම්බෙගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.


කෙසේ වෙතත්, එම මෝටර් රථයේ සිටි සුරාබදු නිලධාරීන් පවසා ඇත්තේ අදාළ ගංජා තොගය වැටලීමකදී අත්අඩංගුවට ගත් ඒවා බවයි.


ඒ අනුව, මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එවැනි වැටලීමක් සිදුකර ඇති බවට හෝ අදාළ ගංජා තොගය ප්‍රවාහනය කිරීම සඳහා නීත්‍යනුකූල අවසරයක් පවතින බවට තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ.


ඒ අනුව, සුරාබදු නිලධාරීන් දෙදෙනා සහ අනෙක් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් අද (23) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 

 

More News..