brand logo
logo
කුඩා ගඟ සහ මගුර ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

කුඩා ගඟ සහ මගුර ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

15 May 2026

කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව පවතින බවය. 


ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ වර්ෂා දත්ත විශ්ලේෂණයට අනුව, බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.


මේ හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, වාහන රියදුරන් සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශ භාවිත කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර ඇති බවත් සඳහන් වේ.

 

More News..