Best News Website award
brand logo
logo
ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

21 November 2026

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.


මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.


එබැවින් දිවයින වටා වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහ මුහුදුබඩ තීරයට බියක් ඇති කර නොගන්නා ලෙසත්, එම ප්‍රදේශ සාමාන්‍ය ජන ජීවිතය සඳහා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් තහවුරු කර ඇත.


අද (21) පස්වරු 03:12 ට පමණ ඉන්දියානු සාගර කලාපයේ Banda Aceh ආසන්නයේ භූ චලනය ඇතිව ඇත්තේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 156ක් ගැඹුරිනි.

 

More News..