brand logo
logo
පාප් වහන්සේට ශල්‍යකර්මයක්

පාප් වහන්සේට ශල්‍යකර්මයක්

14 October 2026


14 වන ලියෝ පාප් වහන්සේ ශල්‍යකර්මයකට භාජනයකළ බව වතිකානය සඳහන් කරයි.


නිවේදනයක් නිකුත් කරමින් වතිකානය සඳහන් කරන්නේ, පාප් වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති බවය


රෝමයේ ජෙමෙල්ලි රෝහලේදී අඟහරුවාදා සිදුකළ මෙම ශල්‍යකර්මය සඳහා මිනිත්තු 90ක පමණ කාලයක් ගතවී තිබේ.


එහිදී වීඩියෝ ආධාරක තාක්ෂණය භාවිත කරමින් දකුණු පෙනහල්ලේ පහළ කොටස ඉවත් කර ඇති බව වෛද්‍යවරු සඳහන් කර තිබේ.


ශල්‍යකර්මය අතරතුර ලබාගත් පටක පරීක්ෂාවෙන්, පූර්ව පරීක්ෂණ මගින් සැක කර තිබූ පෙනහළු ඇඩිනොකාර්සිනෝමා (Lung Adenocarcinoma) නමැති පිළිකා තත්ත්වය තහවුරු වී ඇති බව ද වෛද්‍යවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


වතිකානය ප්‍රකාශ කර ඇත්තේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වූ අතර, කිසිදු සංකූලතාවක් ඇති නොවූ බවයි. 

 

More News..