Best News Website award
brand logo
logo
කොල්ලුපිටියේ සැකකටයුතු මරණයක්

කොල්ලුපිටියේ සැකකටයුතු මරණයක්

22 November 2026


කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනිව් ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.


පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවයි.


ඊයේ (21) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ අදාළ මළසිරුර එම ස්ථානයේ දමා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..