කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
11 August 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
11 August 2026
ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අද (11) පස්වරු 12ට පමණ නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පස්වරු 12 දක්වා වලංගු වෙයි.

