Best News Website award
brand logo
logo
GMOA වැඩවැරුම ගැන තීරණය හෙට

GMOA වැඩවැරුම ගැන තීරණය හෙට

26 November 2026 | ශිරාන් රණසිංහ


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීම සඳහා වැඩවර්ජනයකට යනවාද නැතහොත් වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවෙනවාද යන්න තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව හෙට (27 වැනිදා) කොළඹදී රැස්වෙන බව එම සංගමය සඳහන් කරයි.


දැනටමත් එම සංගමයේ වෛද්‍ය නිලධාරීන් මධ්‍යහ්න 12.00 සිට පස්වරු 2.00 දක්වා රජයේ රෝහල්වල මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. එය ලබන 30 වැනිදායින් අවසන් කිරීමට නියමිතය.


වෛද්‍යවරුන්ට 2018 වසරේදී අනුමත වූ දීමනාව ලබාදිය යුතු බවත් එම සටන අත්හැරීමට නොහැකි තැනට පත්ව ඇති බවත් එම සංගමයේ ලේකම් යූ.කේ.බී. වරකාගොඩ ‘අරුණ’ට පැවැසීය.


ඒ අනුව රට පුරා ඇති ශාඛා සමිතිවල සහ දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් ඇතුළු නියෝජිතයන් හෙට (27 වැනිදා) කොළඹට රැස්වී ඉදිරි ක්‍රියාමාර්ගය තෝරාගන්නා බවද ඔහු සඳහන් කළේය.


වෛද්‍යවරුන්ට හිමි ප්‍රවාහන දීමනා, අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දීමනා ලබාදිය යුතු බවද ඒ අනුව ලබන 30 වැනිදා අනෙකුත් රාජ්‍ය සේවකයන් සිදුකරන එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ප්‍රකාශයට පත්කරන බව ද සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 

More News..