brand logo
logo
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවේ

17 April 2026

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවය.


ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

 

More News..