brand logo
logo
කලම්බෝ, කැන්ඩි, ගෝල් සහ ජැෆ්නා අද පිටියට

කලම්බෝ, කැන්ඩි, ගෝල් සහ ජැෆ්නා අද පිටියට

23 July 2026


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (23) පැවැත්වීමට නියමිතයි.


ඒ, කලම්බෝ කැප්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර තරගය හා ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය.


අද දිනයේ පළමු තරගය කලම්බෝ කැප්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.


එම තරගය පස්වරු 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.


අද දිනයේ දෙවැනි තරගය ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.


එම තරගය රාත්‍රී 7.30ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.


මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම ය.


දෙවැනි ස්ථාන ස්ථානයේ රැදී සිටින දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 4කි.


ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 4ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.


කැන්ඩි රෝයල්ස් සිව්වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 2ක් ද සමගිනි.


ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ කලම්බෝ කැප්ස් කණ්ඩායමය.

 

More News..