brand logo
logo
මත්ද්‍රව්‍ය එන්නත්  කරගන්නා අයගෙන්  හරි අඩකට ඒ්ඩ්ස්

මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අයගෙන් හරි අඩකට ඒ්ඩ්ස්

10 October 2026 | වරුණි පෙරමුණ

විෂ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයන්ගෙන් සියයට පනහකට (50%) පමණ එච්අයිවී සහ හෙපටයිටීස් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.


 ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහන් උපදේශක වෛද්‍ය සත්‍යා හේරත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය විද ගැනීමේදි එන්නත් සිරින්ජර්, පුළුන් වැනි දෑ පොදුවේ භාවිත කිරීම හේතුවෙන් මෙම වෛරස බෝවී ඇති බවය.


මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම මගින් එම විෂබිජ රුධිරය සමග එකතුවී මෙම වයිරස ශරීරගතවන බවද ඇය සඳහන් කළාය.


අධිමාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයන් හට සැරව ගෙඩි සෑදීම මෙන්ම මරණයද ඉතා ඉක්මනින් සිදුවිය හැකි බව ඇය අවධාරණය කළාය. වසරකට මෙරටින් නව එච් අයි වී ආසාදිතයන් හත්සියයකට (700) වැඩි පිරිසක් හඳුනා ගැනේ.


 පසුගිය වසර තුළදී මෙරටින් එච් අයි වී ආසාදිතයන් හත් දහස් එක සිය හැට අට දෙනෙකු වාර්තා වී තිබේ. මෙම රෝගින් අතර වැඩි පිරිසක් සිටින්නේ පිරිමි පුද්ගලයන් බවද ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.


 අවුරුදු පහළොවත් විසිහතරත් අතර වයස් කාණ්ඩයේ රෝගින්ගේ විශාල වැඩිවීමක් ඇති බවත් එම පිරිසගෙනුත් අවුරුදු විස්සත් විසි හතරත් අතර තරුණයන්ගේ වැඩිවීමක් ඇති බව දත්ත වාර්තා පවසයි. 2018 වර්ෂයෙන් පසුව සංක්‍රාන්ති විෂම ලිංගිකයන් අතර සහ සම ලිංගිකයන් අතර එච් අයි වී වැඩි වශයෙන් වාර්තා වීමද විශේෂත්වයකි. ඒඩ්ස් වයිරසය අසාදිත වී ඇති වැඩිම රටවල් විසි එක (21) අතුරින් ශ්‍රී ලංකාවට 17 වැනි ස්ථානය හිමිව තිබේ.

 

More News..